Thursday, November 5, 2020

Shudhatuman Yali Noyana Se | By Nishantha Gulavitage


 


Lyrics (Slides)






Lyrics (Text)

ශුධතුමන් යලි නොයන සේ… මා හදේ නැවතුනා…
එලිය වී මා ජීවිතේ… එතුමන් රජ වුනා… //

තනි නොකරන්නේ... අත් නොහරින්නේ…
ලඟමයි ඉන්නේ... සැනසුම දෙන්නේ…

ශුධතුමන් යලි නොයන සේ… මා හදේ නැවතුනා…
එලිය වී මා ජීවිතේ… එතුමන් රජ වුනා …//

වලාකුලක් සේ... පෙරමග ඉන්නේ…
ගිනිටැඹක් සේ මා රැකගන්නේ…

ශුධතුමන් යලි නොයන සේ… මා හදේ නැවතුනා…
එලිය වී මා ජීවිතේ… එතුමන් රජ වුනා… //

නිර්ධක කතරේ... මා උසුලන්නේ...
දිය බිඳුවක්සේ... පවස නිවන්නේ...

ශුධතුමන් යලි නොයන සේ… මා හදේ නැවතුනා…
එලිය වී මා ජීවිතේ… එතුමන් රජ වුනා… //

Wednesday, November 4, 2020

Sudanamda Oba Sudanamda By Nimesh Fernando


 

Kandu Desata As Osawa By Pastor R.J. Moses


 

Maa Devidunge Maligayayi | මා දෙවිදුන්ගේ මාලිගයයි...එතුමන් වැඩවසනා...


 

Lyrics (Slides)






Lyrics (Text)

මා දෙවිඳුන්ගේ... මාළිගයයි... එතුමන් වැඩවසනා...
මා ශුධතුන්ගේ...මාළිගයයි... ශුධතුන් වැඩසිටිනා...

ශුද්ධයි... අති ශුද්ධයි… ශුද්ධ කමේ දෙවිඳු...//

මා දෙවිඳුන්ගේ... මාළිගයයි... එතුමන් වැඩවසනා...
ශුද්ධකමේ මාවතක් කරා... අධිටන් කරගෙන මා සිත පුරා...
ජාතින් අතරේ මා මටම කියා... නුඹලා වෙන් කරගතිමි... //

මා දෙවිඳුන්ගේ... මාළිගයයි... එතුමන් වැඩවසනා...

ශුද්ධයි... අති ශුද්ධයි… ශුද්ධ කමේ දෙවිඳු...

සිතට එකඟවූ දනන් සොයා... දමිටු මාවතමෙයයි කියා...

ජාතීන් අතරේ මා මටම කියා... 
නුඹලා වෙන් කර ගතිමි... //

මා දෙවිඳුන්ගේ... මාළිගයයි... එතුමන් වැඩවසනා... 
ශුද්ධයි... අති ශුද්ධයි… ශුද්ධ කමේ දෙවිඳු...

Mage Dathe Sawiyen Nowe








Lyrics

මගේ දෑතේ සවියෙන් නොවේ...
මගේ නුවණේ බලයෙන් නොවේ...

දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ...//

සමිඳුන් ඉදිරියේ... පහ නොවනා කිසිවක් නැතේ...
කඳු පර්වත දියවී... යාවේ සැම වේලේ...

බලය නොවේ මගේ ආත්මයයි... සේනාවල දෙවිඳුන් කියයි...
සවිය නොවේ... මගේ ආමයයි... සේනාවල රජිඳුන් කියයි...

දෙව් වදනයි ඔබගේ... ආලෝකය වූයේ...
මාළිගයයි ඔබගේ... මා දෑතේ නිම වන්නේ...

බලය නොවේ මගේ ආත්මයයි... සේනාවල දෙවිඳුන් කියයි...
සවිය නොවේ... මගේ ආමයයි... සේනාවල රජිඳුන් කියයි...

මගේ දෑතේ සවියෙන් නොවේ...
මගේ නුවණේ බලයෙන් නොවේ...

දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ...//










Saranak Nathi Da By Nimesh Fernando



 





Lyrics (Slides)



Lyrics (Text)

සරනක් නැතිදා... කඳුලින් පිරිලා...
සිටියා මා තනිවෙලා... ඔබ මා කැඳවා අත දිගූ කරලා...
හඬ ගැසුවා මගේ නම කියා... නුඹ මාගේ කියා මා රකිමී කියා...
ඔබේ තුරුලේ හොවා ඔබ මා සැනසුවා යේශුවා...

හද වේදනා මා දව දවා… අන්දකාරේ මා තනි වුනා…
ඒ වේදනා කුරුසේ දරා… ඔබ මා එයින් නිදහස් කලා…
මගේ කඳුලැල් නිවා… මා සනසවා... රැක ගත්තේ ඔබයි යේශුවා...

පව්කාරවූ මගේ ජීවිතේ... ඔබේ ලෙයිනුයි සුවපත් කලේ...
වචනෙන් මගේ පවසම් කෙසේ... දෙවිඳුනී ඔබේ ආදරේ...
මගේ හදවත පුරා... ඔබේ නම ලියා...
නමදින්නම් සදා යේශුවා...

සරනක් නැතිදා... කඳුලින් පිරිලා... සිටියා මා තනිවෙලා... 
ඔබ මා කැඳවා අත දිගූ කරලා... හඬ ගැසුවා මගේ නම කියා...

නුඹ මාගේ කියා මම රකිමී කියා...
ඔබේ තුරුලේ හොවා ඔබ මා සැනසුවා යේශුවා... //