සරනක් නැතිදා... කඳුලින් පිරිලා...
සිටියා මා තනිවෙලා... ඔබ මා කැඳවා අත දිගූ කරලා...
හඬ ගැසුවා මගේ නම කියා... නුඹ මාගේ කියා මා රකිමී කියා...
ඔබේ තුරුලේ හොවා ඔබ මා සැනසුවා යේශුවා...
හද වේදනා මා දව දවා… අන්දකාරේ මා තනි වුනා…
ඒ වේදනා කුරුසේ දරා… ඔබ මා එයින් නිදහස් කලා…
මගේ කඳුලැල් නිවා… මා සනසවා... රැක ගත්තේ ඔබයි යේශුවා...
පව්කාරවූ මගේ ජීවිතේ... ඔබේ ලෙයිනුයි සුවපත් කලේ...
වචනෙන් මගේ පවසම් කෙසේ... දෙවිඳුනී ඔබේ ආදරේ...
මගේ හදවත පුරා... ඔබේ නම ලියා...
නමදින්නම් සදා යේශුවා...
සරනක් නැතිදා... කඳුලින් පිරිලා... සිටියා මා තනිවෙලා...
ඔබ මා කැඳවා අත දිගූ කරලා... හඬ ගැසුවා මගේ නම කියා...
නුඹ මාගේ කියා මම රකිමී කියා...
ඔබේ තුරුලේ හොවා ඔබ මා සැනසුවා යේශුවා... //
No comments:
Post a Comment